Cricket NewsEXCLUSIVE

“මගේ පියාගෙන් පසුව, මගේ ක්‍රිකට් දිවියේ වැඩිපුරම මගේ පියාගේ චරිතය ඉටුකළේ මහේන්‍ද්‍ර සිං දෝණි” මතීශ පතිරණ සංවේදී වෙමින් හිටපු CSK නායකයා ගැන කියන කතාව !

අන්තර්සංචිත විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා හදිසියේ මෙරටට පැමිණීමට අයිපීඑල් ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම සිදුවූවා.

ඒ අතරින් මතීශ පතිරණගේ නම ඉදිරියෙන්ම සඳහන් ව තිබෙනවා.ඔහු මෙවර තරඟාවලිය තුලදී කඩුලු 13 ක් බිඳ හෙලා තිබෙන්නේ තරඟ 6 ක් පමණක් වැය කරගනිමින්.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මතීශ ඉකුත්දා හිටපු චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝණි පිලිබඳව අදහස් දක්වා සිටියා.

“මගේ පියාගෙන් පසුව, මගේ ක්‍රිකට් දිවියේ වැඩිපුරම මගේ පියාගේ චරිතය ඉටුකළේ ඔහුයි. ඔහු සැමවිටම මාව බලාගත්තා. ඒ වගේම මම මොනවද කරන්නෝනෙ කියලා උපදෙස් ලබාදුන්නා. ගෙදරදි මගේ තාත්තා මට දේවල් කියලා දෙනවා හා සමානවම. මම හිතනවා ඒක මට හොඳටම ඇති කියලා”

යනුවෙන් ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button