Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා කාන්තා පිල පළමු වරට අමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම සමග අද තරඟබිමට

අබුඩාබියේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ වේලාසනින්ම අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද මූලික වටයේ අවසන් තරගයට එක් වෙයි.

අද සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කාන්තා පිල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පළමු වරට අමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම හමුවීමට නියමිතය. මේ තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 9.00ට ආරම්භ වෙයි.

මේ වන විට සහභාගි වූ තරග 3ම ජය ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායම බවට ශ්‍රී ලංකා පිල පත්ව සිටින අතර, අමෙරිකාව ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත්ව තිබේ. තරගාවලියේ කඩුලුලාභිනියන් අතර පෙරමුණ ගැනීමට කවිෂා දිල්හාරි සමත්ව ඇත්තේ කඩුලු 7ක් බිඳ දමමිනි. තෙවැනි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ විශ්මි ගුණරත්න මේ වන විට ලකුණු 110ක් සමඟ ලකුණුලාභිනියන් අතර තෙවැනි ස්ථානයේ සිටියි.

අමෙරිකානු පිල ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත්ව තිබේ.

අමෙරිකානු කණ්ඩායමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 22 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකා ජෙසිකා විලත්ගමුව එක්ව සිටින අතර ඇය අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.

මේ වන විට ජාත්‍යන්තර විස්සයි20 තරග 7ක් ක්‍රීඩා කර ඇති ජෙසිකා පෙරේදා තායිලන්තයට එරෙහි තරගයට ද ක්‍රීඩා කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button