Cricket NewsEXCLUSIVEInternational

තුන් ඉරියව් ක්‍රීඩකයෝ 6ක් සමගින් ලෝක කුසලානයට ඇෆ්ගන්වරු සුපිරි සංචිතයක් එලිදක්වයි. – නායකත්වය රශීඩ් ඛාන්ට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ඇෆ්ගනිස්තාන සංචිතය නම් කර තිබේ.

රිෂාඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයට ඔහු සමඟ තුන් ඉරියව් දස්කම් දක්වන ක්‍රීඩකයන් 5 දෙනකු එක්කර තිබීම කැපී පෙනේ. ඒ අස්මතුල්ලාහ් ඔමර්සායි, මොහොමඩ් නබි, ගුල්බදීන් නබි, කරීම් ජනත් හා මේ වසරේ ජගත් පිටියට පිවිසි නාන්ගෙයාලියා කරෝටේය.

මේ සංචිතයේ ප්‍රධාන පිතිකරුවන් ඇත්තේ සිව්දෙනකු පමණක් වීම විශේෂත්වයකි. එහිදී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ හෂ්මතුල්ලාහ් ෂහිඩි සංචිතයේ ස්ථානයක් හිමි නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය. එමෙන්ම හස්රතුල්ලාහ් සසායි ද සංචිතයෙන් ඉවත් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේදී ‘සී’ කාණ්ඩයෙන් තරග වදින ඇෆ්ගනිස්තානය ජුනි 3 වැනිදා පළමු තරගයට එක් වන්නේ උගන්ඩාවට එරෙහිවය.

ඇෆ්ගනිස්තාන සංචිතය: රෂීඩ් ඛාන් (නායක), රහ්මනුල්ලා ගුර්බාස්, ඉබ්‍රහිම් සද්‍රාන්, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් ඉෂාක්, අස්මතුල්ලාහ් ඔමර්සායි, මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, කරීම් ජනත්, නාන්ගෙයාලියා කරෝටේ, මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ් නවීන් උල් හක්, ෆසාල්හක් ෆාරුකි, ෆරීඩ් අහමඩ් මලික්.

අතිරේක – සෙදිකුල්ලා අටාල්, මොහොමඩ් සලීම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button