Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන ක්‍රීඩක ගාස්තු ඉහළ දමයි!

ඒ අනුව A1, A2, B2, C1, C2, සහ ‘A’ යන කාණ්ඩ හයක් යටතේ ක්‍රීඩකයින් 41 දෙනෙකුට නව ගිවිසුම් පිරිනැමීමට නියමිතයි. මීට පෙර ගිවිසුම්ගත වී සිටියේ ක්‍රීඩකයින් 29 දෙනයි. මේ පාර ඒක 41 දක්වා වැඩි කරලා තියෙනවා.

නවතම ඉහළ නැංවීම යටතේ කුසලතා මත ටෙස්ට් ආකෘතිය සඳහා තරඟ ගාස්තු 100% කින් හා එක්දින සහ T20i තරඟ ගාස්තු 25% කින් ඉහළ දමා තිබෙනවා.

තවද ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුවද ක්‍රීඩකයින් ඇගයීමට ද තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව කොන්ත්‍රාත්තුව යටතේ ගිවිසුම්ගත වෙන ක්‍රීඩකයින් 41 දෙනා,

දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, දසුන් ශානක, මහේෂ් තීක්ෂණ, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, දුෂ්මන්ත චමීර , දිල්ශාන් මදුශංක , සදීර සමරවික්‍රම ,අසිත ප්‍රනාන්දු , රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, ලහිරු කුමාර, නිශාන් මධුෂ්ක, මතීෂ පතිරණ, කුසල් ජනිත් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රමෝද් මධුෂාන්, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම , නුවන් තුෂාර ,සහන් ආරච්චිගේ , නුවනිදු ප්‍රනාන්දු , දුෂාන් හේමන්ත, ලසිත් ඇඹුල්දෙණිය, බිනුර ප්‍රනාන්දු, ෂෙවෝන් ඩැනියෙල්, නිරෝෂන් දික්වැල්ල, අශේන් බණ්ඩාර, ඕෂද ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු

මීට අමතරව ඩොමැස්ටික් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේද ක්‍රීඩක ගාස්තු ඉහල දමනවා කියලා කියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button