Cricket NewsDomestic CricketEXCLUSIVESchool Cricket

64 වන මැංගුස් සටන මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේදී

කළුතර විද්‍යාලය  සහ කළුතර තිස්ස  ජාතික පාසල අතර පැවැත්වීමට නියමිත 64 වන මැංගුස් සටන 3 සහ 4 දෙදින මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

1949 වර්ෂයේ ආරම්භවූ මැංගුස් සටන තරගාවලියේ මෙතෙක් පැවති තරග 23 ක් කළුතර විද්‍යාලය ජයගෙන තිබේ.  තරග 6 ක් තිස්ස ජාතික පාසල විසින් ජයගනු ලැබ ඇත. මෙම මහා ක්‍රිකට් තරඟය කළුතර දිස්ත්‍රික්කයෙන් පිට ක්‍රීඩාංගණයකදී පැවැත්වෙන්නේ ප්‍රථම වරටය.

මෙවර තරගයේදී යුතික දිල්රුක් කළුතර විද්‍යාලයයීය කණ්ඩායමද හිරුෂ  නෙත්සර කළුතර තිස්ස ජාතික පාසල් කණ්ඩායමද මෙහෙයවති.

කළුතර විද්‍යාලයීය ජාතික පාසැල මෙම ක්‍රිකට් වාරයේදී තරඟ 12 කට සහභාගිවී ඉන් 5 ක් ජයග්‍රහනය කර ඇති අතර තරඟ 02 ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත . එම කංඩායමේ නායක යුතික දිල් රුක් ලකුණු 704 ක් ලබාගෙන ඇති අතර කඩුළු 40 ක්ද බිඳ හෙලා තිබේ . උප නායක උදාන් තේජනද කඩුළු 40 ක් බිඳ හෙලා ඇත .

කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලය ජාතික පාසැල් කංඩායමේ නායක හිරුෂ නෙත්සර මෙම පාසැල් ක්‍රිකට් වාරයේදී ලකුණු 648 ක් ලබා ඇති අතර උප නායක ඉෂාර මලිත් ලකුණු 648 ක්ද, හේසිත අනුහස් ලකුණු 748 ක්ද ,මලිඳු දිල්ශාන් කඩුළු 84 ක්ද ලබාගෙන ඇත .

දෙපිල අතර 14 වැනි වරට පැවැත්වෙන  එක්දින තරගය මැයි මස 5 දින පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button