Cricket NewsEXCLUSIVELPLPremier League

LPL තර­ගා­ව­ලියේ දූෂ­ණ­යක් සම්බ­න්ධ­යෙන් කොදෙව් ක්‍රීඩක ඩෙවොන් තෝමස්ට වසර පහක තහ­න­මක්!

ලංකා ප්‍රිමි­යර් ලීග් 2021 තර­ගා­ව­ලියේ සිදුවූ තරග පාවා­දී­මක් සම්බ­න්ධ­යෙන් අයි­සීසී දූෂණ විරෝධී නිල­ධා­රීන් සිදු කරන ලද පරී­ක්ෂ­ණ­ය­කදී සම්පූර්ණ විස්තර හෙළි­ද­රව් නොකි­රීම, පරී­ක්ෂ­ණය සිදු කළ නිල­ධා­රින්ට සහය නොදැ­ක්වීම හා පරී­ක්ෂ­ණ­ව­ලට බාධා කිරීම හා තොර­තුරු විනාශ කිරීම සම්බ­න්ධ­යෙන් බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙවොන් තෝමස්ට වසර පහක තහ­න­මක් පැන­වී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය පිය­වර ගනියි.

ලංකා ප්‍රිමි­යර් ලීග් 2021 තර­ගා­ව­ලියේ කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කළ ඩෙවොන් තෝමස් එම තර­ගා­ව­ලියේ තරග ගිවි­සුම උල්ලං­ඝ­නය කර­මින් හැසි­රුණ බවට ද අයි­සී­සීය චෝදනා ඉදි­රි­පත් කර ඇත.

ලංකා ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විනි­වි­ද­භා­ව­යෙන් යුතු නීති මාලා­වක් ඉදි­රි­ප­ත්කොට දූෂ­ණය වැළැ­ක්වී­මට පිය­වර ගෙන තිබි­යදී එහි නීති 7ක් කඩ කිරීම හේතු­වෙන් බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රීඩ­ක­යාට මේ තරග තහ­නම පනවා ඇතැයි අයි­සී­සීය මාධ්‍ය නිවේ­ද­න­ය­කින් කරුණු දක්වා ඇත.

ප්‍රති­ඵ­ලය, ප්‍රග­තිය, හැසි­රීම හෝ වෙනත් අංග­යන් සම්බ­න්ධ­යෙන් කුම­න්ත්‍රණ කිරී­මට හෝ අනිසි ලෙස බල­පෑම් කිරී­මට කුම­න්ත්‍ර­ණය කිරීම හෝ හවුල් වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ දූෂණ විරෝධී සංග්‍ර­හයේ වගන්ති කඩ කිරීම හේතු­වෙන් ඩෙවෝන් තෝමස් හට වසර පහක ක්‍රිකට් තරග සඳහා නුසු­දු­ස්සෙකු බවට තීර­ණය කොට තිබේ.

මේ චෝදනා පිළි­ගැ­නී­මට ක්‍රීඩ­කයා එකඟ වී ඇති අතර, ඒ හේතු­වෙන් නඩු විභා­ග­යක් වෙනු­වට අයි­සීසී සම්බා­ධක ප්‍රකාශ කරන ලෙස ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංග්‍ර­හයේ වගන්ති අනුව ලංකා ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ දූෂිත හැසි­රී­ම්ව­ලට අම­ත­රව මේ ක්‍රීඩ­ක­යාගේ අබු­ඩාබි ටී10 තර­ගා­ව­ලියේ දූෂිත හැසි­රී­මක් සම්බ­න්ධ­යෙන් ද කරුණු අනා­ව­ර­ණය වී ඇත. මේ තර­ගා­ව­ලියේ දූෂ­ණ­යක් සම්බ­න්ධ­යෙන් ලැබුණු ආරා­ධනා පිළි­බඳ සම්පූර්ණ තොර­තුරු, නම් කරන ලද දූෂණ විරෝධී නිල­ධා­රි­යාට හෙළි කිරී­මට අපො­හො­සත් වූ බවට ද චෝදනා ඉදි­රි­පත් වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button